Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දෙහි කැපීමේ ආනිසංශ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දෙහි කැපීමේ ආනිසංශ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
අතිරේකනැකත

දෙහි කැපීමේ ආනිසංශ

June 22, 2025
305 Views

ජ්‍යොතිෂයේ දෙහි කපනවා කියන එක කවුරුත් පාහේ අහල තිබුණට නියම අර්ථය හෝ ඉන් ඇතිවන ප්‍රයෝජනය දන්නේ නැහැ. සරලව ඇහැව්වොත් දෙහි කපන්නේ දෝෂ දුරු කරන්න කියාවි. එහෙම ඒ කපපු දෙහි තවත් කෙනකුගේ නිවසකට ඉඩමකට දැම්මොත් හෝ දෙපයට පෑගුනොත් එයින් නපුරක් දෝෂයක් සිදුවන බව නැවත කිව යුතු නැහැ. වැඩිපුරම රහසිගතව ඒ වැඩේ කරන්නේ ඒකයි. නිවැරදිව දෙහි මතුරල කපලා නිවැරදි තැනකට දමන්න ඕනෑ. දෙහි කපනව කිව්වාම “අන්න ගහ මතුරනවා” කියලා එකකුත් කරන බව අහල තිබුණට මොකටද කොහොමද කරන්නේ මොකක්ද ඒකෙන් සිදුවන්නේ කියලා අවබෝධය අඩුයි. මේ ගුප්ත ශාස්ත්‍රයේ බොහොම වටිනා දේවල් ක්‍රමයෙන් අඩුවී යනවා. ඒ නොදන්නා කම නිසාමයි. අපි ජීවත්වෙලා ඉන්නකංවත් ඔබට දන්වන්නයි මේ සටහන ලියන්නේ.

මේ පොළොවේ ජීවත්වන මනුෂ්‍යයාට අත්‍යවශ්‍යම දේවල් තමයි වාතය, ජලය, ගින්දර. ඒ වගේම මනුෂ්‍යාව නැති කරන්නෙත් මේ ත්‍රිත්වයම තමයි. ඒ වගේම අපිට පිහිටවන්නේ අපි වටා වේගයෙන් කැරකෙන ග්‍රහලෝකවලින් පිටවන කිරණ. අපි ඔය නවග්‍රහයො කියන්නේ. ඒවා තමයි රවි, සඳු, අඟහරු, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු, රාහු හා කේතු කියන්නේ. මේවා අපිට උදව් කරනව වගේම නරක අයුරින් එල්ල වුණාම නැති කරදර ඇති වෙනවා.

මීට අමතරව මිනිසුන් එකිනෙකාට කොඩිවිණ, අනවිණ වගේ දේවලුත් කරනවා. අනවිණ කොඩිවිණ කිව්වාම ඔබ අනවශ්‍ය දුර හිතනවා. ඒ කිව්වේ කවුරු හරි යමක් මතුරල අපේ නිවසේ වහලට ගහන්න ඇති. නැත්නම් වත්තේ වළලන්න ඇති කියලා. ඒවා කොඩිවිණ තමයි. නමුත් අද දැනගන්න කව්රු හෝ කෙනෙක් ගුණ නපුරු ඇසකින් බලල, නපුරු කටකින් කිවූ ඇස්වහ දෝෂ, කටවහා දෝෂ සහ තත්කාල කේන්දරයේ ග්‍රහ විපර්යාසයකින් ඔබට ඇතිවන සිත් සාංකා නිසාම ඔබව සිතින් ගතින් වැටෙනවා. ඔබේ දියුණුව කැඩෙනවා. නොසිතපු පවුලේ ප්‍රශ්න ඇති වෙනවා. කෙනකුට කෙනෙක් නුරුස්සන ගතිය ඇති වෙනවා. හදිසියේ අසනීප වෙනවා. ඔන්න ඔය වගේ දේවල් ඇතිවූ වෙලාවට තමයි දෙහි කපන්නේ. අන්න ගහ මතුරන්නේ. පුංචි දෙයක් වුණාට මහා විශාල විනාශයක් වළකින්න පුළුවන් දෙහි කැපීමෙන්.

ඔබ දන්නවා දෙහි ගෙඩි 07 ක් කපනවා කියලා. දෙහි ගෙඩි 07ක් පමණක් කපන්නේ ඇයි කොහෙන්ද දෙහි ගෙනාවේ. ඒ විස්තර දන්නේ නැහැ. මේ හැම දෙයකටම නියම හේතුවක් තිබෙනවා. මේ දෙහි කැපීම හොඳ දැනීමකින් අවබෝධයෙන් කරන්න ඕනෑ. නැත්නම් දෙපාර්ශ්වයටම අයහපත සිදුවෙනවා. කැමති කැමති අය මෙසේ දෙහි කැපුවට මේ ශාස්ත්‍රය නිවැරදිව කළ හැක්කේ පාරම්පරික ඇදුරු මහතෙකුට විතරයි කියලා වගකීමෙන් කියනවා. කරුණු එසේ උනාට එක එක ආයතනවලින් ටික ටික ඉගෙන ගෙන මේ වගේ වැඩ කරනවා විතරක් නොවේ ලංකාවේ ප්‍රධාන පුවත්පත්වල පවා වැරදි අදහස්වලින් ලිපි පළ කරනවා. තවත් සමහරු ලොකු මුදලකට වැඩේ භාරගෙන වෙනත් අයකුට කියා වැඩේ කරනවා. ඒ අය ඒක කරන්නේ මුදල්වලට පමණක් නිසා ඉන් සෙතක් ලැබෙන්නේ නැහැ.

ඕනෑම දෙයක් ගැන කිසියම් අවබෝධයක් දැනීමක් තිබෙන්ට ඕනෑ. එතකොටයි එහි ගුණ පිහිටන්නේ. නියම ජ්‍යොතිර්වේදියා, ගුප්තවේදියා කිසියම් දෙයක් කරනකොට එහි කිසියම් විස්තරයක් ආතුරයන්ට වටහලා දෙන්න ඕනෑ. අපි දෙහි කපන්නේ මොකටද, කීයක් කපනවාද, අන්න ගහ මතුරනවා කියන්නේ මොකද්ද, ඒ වගේ දේවල්.

විශේෂයෙන් දෙහි කපන්නේ කලින් කිව් පරිදි සියලුම ග්‍රහදෝෂ, අනවිණ, කටවහ දෝෂ, ඇස්වහ දෝෂ, නැති වෙන්න. මේකේ ආරම්භය තමයි පුරාණයේ සිටි සම්මත රජ කෙනකුගේ අග්‍ර බිසෝතුමියට සෑදුනාය කියන එක්තරා දෝෂයකට නිට්ටාවට සුවය ලබන්න කරපු එක්තරා යාගයක්. මේ දෙහි කපන කොට අවශ්‍ය නම් ඒක කරපු කෙනා වෙත ආපසු යැවීමක් කරන්නත් පුළුවන්. මෙච්චර වටිනා ශාස්ත්‍රයක් තිබියදී සමහර අය ශාස්ත්‍රයටත් ගරහමින් දෙහි කපන කොට ගිරයට එක එක ඩයි තවරලා ලේ කියලා විකාර කරනවා.

මෙම කරුණු හෙළිකරන කොට තව පුංචි පැහැදිලි කිරීමක් කරන්න ඕනෑ. සාමාන්‍යයෙන් කටවහ දෝෂ, ඇස්වහ දෝෂ, සිත් සාංකා කෙනකුගේ ඉදිරි ගමනට, දියුණුවට අකුල් හෙළන්න මහත් සේ උපයෝගී වෙනවා. නමුත් කටුගහනවා කියන එක මීට වඩා වෙනස්, වැඩිපුරම ඒක කරන්නේ කෙනකුගෙන් බලවත් සේ පළිගන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් එකල වාසය කළ භරණ ගණිතයාගේ දූ කුමරියව ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො ඔහුගේ අන්තඃ පුරයට ගැනීමට කටයුතු කළා. ඒකට භරණ ගණිතයා තදින් විරුද්ධවෙලා වෛර බැන්දා. රජතුමා නිසා රාජ අණ ක්‍රියාත්මක වුණා. එහෙම වෛර බැඳලා එක්තරා උණ ගසක කටුවක් අරන් ඒකට විස මතුරලා රජතුමාගේ උයන් වත්තේ කෙළවරක දැම්මා කකුලේ ඇනෙන්න. ඒක ඇනුනට පස්සේ රජතුමාගේ මුළු ශරීරයම විෂ දිව්වා. අන්තිමේදී රජතුමාගේ මරණය දක්වාම ඒ මැතිරූ විෂ ගියා. ඔය කටු ගැසීම ඒ තරමටම නපුරුයි. තවත් සමහරු පස් ඉටිවලින් මිනිස් රූපය හදලා අවශ්‍ය තැනට මැතුරූ කටුව

ගහනවා. ඒවා ඉතින් ලොකු පාප කර්ම තමා. ඒත් නොකර බැරි වුණාම අදත් කරනවා. හැබැයි දුර්ලභයි. දෙහි කපන කොට සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේ ජප මන්ත්‍ර හා අරක්‍ෂක මන්ත්‍ර උණාට අර විදිහේ කටු ගහනකොට දිගයි මන්ත්‍ර හා ජප මන්ත්‍රමයි පාවිච්චි කරන්නේ. මේවා ඉතා කල්පනාවෙන් ප්‍රවේශමෙන් කළ යුතු වෙනවා. මේවා කළාට නොකළ යුතු ගුරුකම්.

දෙහි කපන්නේ පුර තිථියටයි. හවස් යෑමේ ඉර බහින කොට දෙහි කැපීමෙන් කෙරෙන්නේ කෙනකුට සෙතක් ශාන්තියක්මයි.

පාරම්පරික ජ්‍යොතිෂවේදී/ ගුප්ත විද්‍යාධර
මීපේගණිතගේ
රන්ජිත් විද්‍යාරත්න
මොරටුව
0722174553, 0779870007

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
අතිරේක විශේෂාංග

ජනශ්‍රැතියෙන් තොර සාහිත්‍යයක් ගැන කතා කරන්න බෑ – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ මහාචාර්ය මධුභාෂිණී හේවගේ

අතිරේක විශේෂාංග

සරසවි කවි සරණිය

අතිරේක විශේෂාංග

ගවයන් සඟවා තබන මංගර දෙවියෝ

අතිරේක විශේෂාංග

බුද්ධදාස රජතුමාගේ කෝන්ගස්මංකඩ රෝහල සහ ගජමදාරා දිවතුරු වෘක්ෂය

අතිරේක විශේෂාංග

පොලොන්නරුව යුගයේ සිංහල සාහිත්‍යයට බලපෑ සංස්කෘත ආභාසය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok