තම ජීවිත කාලයේ අභිනවයෙන් ඉදිකරන ලද නිවසට ගෙවදීම හෙවත් ප්‍රවේශය මංගල කරුණක්ම වන්නේය. එම නිසා කෝණ මාසයක් තුළදී චුම්භක ශක්තිය අධික කාල පරාසයක විශ්ව ශක්තිය දුර්වල කාල පරාසයක නිවසකට ප්රවේශවීමෙන් නිවැසියන්ගේ මානසික ශක්තිය දුර්වලවීමටත්, සිතේ සතුට අහිමිවීමටත්, ප්‍රශ්න, ගැටලු, අසමගිකම් ඇතිවීමත්, කායික වශයෙන් දුර්වලවීම ද ලෙඩ රෝග ඇතිවීමට ද හේතු වේ. මෙලෙස කටයුතු සිදුවීම තුළින් මෙවැනි නිවෙස්වල පදිංචිය ද කෙටිකාලීන විය හැක.
මුහුර්ත චිත්තමනියේ සඳහන් වන්නේ “කෑ මඟුල් කෝණේ කිසි යහපතක් නෑනේ” යනුවෙනි. එහි අර්ථය නම් කෝණ මාස යෙදෙන කාලසීමාවන් තුළදී විවාහ සිදු නොකළ යුතු බවයි. ඒ වගේම කිව යුතු තවත් ප්‍රධාන කරුණ නම් “සෑදූ ගෙවල් කෝණේ කිසි සෙතක් නෑනේ” යන්නයි. මෙම කෝණ මාසයන්ට පදනම වී ඇත්තේ ග්‍රහලොව පියා යනුවෙන් විරුදාවලිය ලත් රවි ග්‍රහයා හෙවත් සූර්යාගේ සංක්‍රාන්ති ක්‍රමය පිළිබඳවයි. සූර්යාට රාශි දොළහ තුළ ගමන් කිරීමට දින 365කුත් පැය 06ක් ගතවේ. රවි ග්‍රහයා මීන රාශියෙත්, මිථුන රාශියෙත්, කන්‍ය හා ධනු රාශිවලත් ගමන් කරනු ලබන කාලයන් හෙවත් කාල අන්තරයන් කෝණ මාස ලෙස විග්රහ කරයි. මෙසේ මිථුන, කන්‍යා, ධනු, මීන යන උභය රාශිවල සූර්යයා වැනි වැනි ගමන් කරන කාලයක් නිසා ස්ථිර සාර වැඩකටයුතු ආරම්භ කිරීමට මෙම කාලය සුදුසු නොවන බව පැවසේ. මෙම වර්ෂයේ 2025 ජුනි 16 වැනි සඳු දිනයේදී සූර්යා මිථුන රාශිය තුළ ගමන් කිරීම ආරම්භ කරන ලද අතර මෙය හැඳින්වෙන්නේ මිථුන කෝණ කාලය වශයෙනි. මෙය 2025 ජුනි 16 වන දින දක්වා මාසයක කාලයක් පවතී. විවාහ නැකත් සෑදීමට හා නිවාසවල වැඩකටයුතු ආරම්භ කිරීමට මෙම කාලය නොගත යුතුයි.
- අලුතින් ඉදිකරන්න බලාපොරොත්තු වන ගෘහයේ මුල්ගල තැබීම සඳහා
නිවසකට මුල්ගල තැබීම සුවිශේෂී අවස්ථාවකි. ස්ථීරසාර ක්‍රියාවකි. එය තාවකාලිකව මඩුවක් ඉදිකිරීමක් නොව තමන්ගේ ජීවිත කාලයටම, දරුවන්ගේ ජීවිත කාලයටම හෙවත් අවම වශයෙන් පරම්පරාවක්වත් පැවතිය යුතු දෙයකි. එවන් අවස්ථාවකදී හොඳ බලවත් නිවාස නැකතක් සාදා ගැනීම කළයුතු වන්නේය. එහිදී තමන්ගේ, තම බිරිඳගේ ජන්ම නැකැත්වලට ගැළපෙන ආකාරයට පංචාග ශුද්ධිය සිදුකිරීමට පෙර නිවස ඉදිකරන කාලය හෙවත් තෝරාගන්නා මාසය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එහිදී සලකා බැලෙන ප්‍රධාන සාධකයක් වන්නේ කෝණ මාසයන්ය. බොහෝමයක් නිවාස අත්තිවාරමට පමණක් සීමාවී වසර ගණනාවක් වල් බිහිවී පවතින්නේ අත්තිවාරම සඳහා මුල්ගල කෝණ මාසය තුළ තැබීම නිසා බව බොහෝ වාස්තු පරීක්ෂාවලදී තහවුරු වී ඇත. කෝණ මාසයකදී මුල්ගල තබන ලද අත්තිවාරම්වල දක්නට ලැබෙන විශේෂත්වයක් වන්නේ එයට සම්බන්ධ වුණ මේසන් බාස්ලා එම කාර්ය අතරමගදී අතහැරදමා යෑමයි. ඉන් පසු බාස්ලා කීපදෙනකු අතරම මෙම කාර්ය ඇදෙමින් අවසානයේ අත්තිවාරමට ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා දෙගුණ තෙගුණ මුදලක් වැයකර අත්තිවාරම නිමකළ ද එය ගොඩනැඟීම නම් ලේසි කටයුත්තක් නොවනු ඇත. සමහර අය කරන තවත් වැරැද්දක් නම් කෝණ මාසය ආසන්න වෙත්ම ලහි ලහියේ නිවසේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අවශ්‍යයි කියා මුල්ගල තැබීමයි. එසේ මුල්ගල තබා සතියකින්, දෙකකින්, කෝණ මාසය ආරම්භ වූ කාලයේ අත්තිවාරම දැමීමට පටන් ගනී. මෙයද අශුභ බව කිව යුතුයි. මක් නිසාද මුල්ගලක් තැබීමෙන් පසුව අත්තිවාරමේ අඛණ්ඩව වැඩකටයුතු කිරීම අවශ්‍ය කරුණකි. මෙසේ කෝණ මාසයට ප්‍රථම මුල්ගල තබා අත්තිවාරම දැමූ පසු බිත්ති බැඳ එසවීම සඳහා කෝණ මාසය තුළ අශුභයක් නොපවතී.
- වහලය සඳහා යට ලී තැබීම
නිවසක් නිවසක් ලෙස පැවසීමට නම් එම නිවසට වහලයක් අවශ්‍යයි. වහලය නැතිව නිවසක් කිව නොහැක. එය හිස නැති ශරීරයක් හෙවත් කවන්දයක් පමණි. කෝණ මාසය පවතින කාලසීමාවේ බිත්ති මත යටලී තැබීම නොකළ යුතුයි. සමහර ජ්‍යොතිර්වේදීන් එය නොසලකා කෝණ මාසය තුළ නැකත් ලබාදේ. සමහර අය මගෙන් පවා නැකත් ඉල්ලා මා ප්‍රතික්ෂේප කළ ද වෙනත් අයකු ළඟට ගොස් නැකත් සාදා මට ද බැණවදිමින් වහලය ගසා අමාරුවේ වැටුන අවස්ථා ද දැක ඇත්තෙමි. මෙහිදී කෝණ මාසයට ප්‍රථම මංගල ධ්‍රැවයක් බිත්තියක් මත තබා (නැකත් අනුව) කෝණ මාසය තුළ වහලයේ කටයුතු කිරීම වැරැද්දක් නොවන බවද කිව යුතුය.
- ගෘහයකට ගෙවදීම
තම ජීවිත කාලයේ අභිනවයෙන් ඉදිකරන ලද නිවසට ගෙවදීම හෙවත් ප්‍රවේශය මංගල කරුණක්ම වන්නේය. එම නිසා කෝණ මාසයක් තුළදී චුම්භක ශක්තිය අධික කාල පරාසයක විශ්ව ශක්තිය දුර්වල කාල පරාසයක නිවසකට ප්රවේශවීමෙන් නිවැසියන්ගේ මානසික ශක්තිය දුර්වලවීමටත්, සිතේ සතුට අහිමිවීමටත්, ප්‍රශ්න, ගැටලු, අසමගිකම් ඇතිවීමත්, කායික වශයෙන් දුර්වලවීම ද ලෙඩ රෝග ඇතිවීමට ද හේතු වේ. මෙලෙස කටයුතු සිදුවීම තුළින් මෙවැනි නිවෙස්වල පදිංචිය ද කෙටිකාලීන විය හැක.
කෝණ මාස වශයෙන් හඳුන්වන කාලසීමාවන්
ස. මීන කෝණ කාලය
මීන කෝණ කාලය ලෙසින් ගණන් ගැනෙන්නේ මාර්තු මාසයේ මැද සූර්ය සංක්රාන්තියේ සිට සිංහල අවුරුදු සංක්‍රාන්තිය දක්වා වූ කාලයයි. මාර්තු 15 සිට අප්‍රේල් 15 දක්වා වූ කාලය. මෙම කාලය ගෘහ කටයුතු සඳහා අශුභයි.
- මිථුන කෝණ කාලය
මිථුන කෝණයට අයත් වන්නේ ජුනි මස මැද සිදුවන සංක්රාන්තියේ සිට ජූලි මැද සිදුවන සංක්‍රාන්ති කාලයයි. ජුනි 15 සිට ජූලි 15 දක්වා මෙම මිථුන කෝණ කාලයේදී එනම් චන්ද්‍ර මාස ක්‍රමයට අනුව ‘මිථුන – රවිය’ නම් මෙම කාල ආන්තරය අයිති වන්නේ ඇසළ මාසයටය. මෙම කාලය තම ඥාතීන්ගෙන් කරදර පීඩා ඇතිවෙන, සතුරු කරදර බහුලවන, ධන හානි, නොයෙක් පීඩා, අසමගිකම් ඇතිවන කාලයක් නිසා ගෘහ ආරම්භක කටයුතු සඳහා අශුභ වේ.
කන්‍ය කෝණ කාලය
සූර්යා කන්‍යා රාශියේ ගමන් කරන කාලය කන්‍ය කෝණ කාලයයි. සැප්තැම්බර් මැද සිට ඔක්තෝම්බර් මැද කාලය කන්‍යා කෝණ කාලය වේ. සිංහල මාස ක්‍රමයට වප් මාසයට අයත් වන අතර මේ කාලයේ නිවාස ඉදිකිරීම සඳහා ආරම්භ කිරීමෙන් ගෘහ බිරිඳට විපත්, විවාහයන් කඩාකප්පල් වීම, රාජ බිය, දණ්ඩ බිය, නීති ගැටලු, ලෙඩ රෝග ඇතිවන බව සඳහන් වේ. සැප්තැම්බර් මස 17 සිට ඔක්තෝබර් 17 දක්වා කාලය වේ.
ධනු කෝණ කාලය
ධනු රාශියේ සූර්යා ගමන් කරන්නේ දෙසැම්බර් මැද සිට ජනවාරි මැද දක්වා වූ කාලය තුළයි. මෙම කාලය ‘ධනු රවිය’ ලෙස හඳුන්වයි. මෙම කාලය තුළ ගෘහ ආරම්භය සිදුකිරීම නිසා වැඩිහිටියන්ට කරදර, විපත්, නීතිමය ගැටලු, අ රැකියා බිඳවැටීම්, හදිසි ධන අලාභ ආදී බොහෝ විපත් සිදුවේ. දෙසැ. 16 ජනවාරි 16 දක්වා කාලය.
සමස්තයක් වශයෙන් මෙම කෝණ මාසවලදී පෘථිවියේ චුම්භක ශක්තිය බලවත් කාලයක්ය. වාතය, ජලය කැලබීමට ලක්වන කාලයකි. ලෝකයේ බොහෝ ස්වභාවික විපත්, ගුවන්යානා අනතුරු, නාවික අනතුරු, සුළි සුළං, සුනාමි තත්ත්වයන් ඇතිවී තිබෙන්නේ ද මෙම කෝණ මාස කාල පරාසය තුළදීය. ඒ අතරින් ධනු කෝණයේ බලපෑම බොහෝ ස්වභාවික විපත්වලට හේතු දෙන්නකි.
අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති බර්මියුඩා ත්‍රිකෝණය සහිත ප්‍රදේශයේ ධනු කෝණ කාලයේදී ඇතරේට්ස් නම් චුම්භක ශක්තිය ප්‍රබල වායුවක් නිකුත් කරන බව සොයාගෙන ඇත. පෘථිවියේ චුම්භක ශක්තිය බලවත්වීමට මෙම ඇතරේට්ස් වායුව ද හේතු වන බව දැනට සොයාගෙන ඇත. ධනු කෝණ මාසයේ ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනය ද සිදු වුණේ මෙම කාල පරාසයේදීය. මෙම බර්මියුඩා කලාපය මතින් කිසිම නාවික හෝ ගුවන් යානා ගමන් නොකරන අතර එම කලාපය ද තහනම් කලාපයක් බවට ප්‍රකාශ කර ඇත්තේ සමහර ගුවන්, නාවික යාත්‍රා මෙම කලාපයෙන් ගමන් කිරීමට ගොස් අතුරුදහන් වී ඇති නිසාවෙනි.

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
077 785 6649.