නැකැත ගෙනෙන මෙම සතියේ නැකැත් සුබ කටයුතු සඳහා යොදා ගැනීමේදී ඔබගේ කාර්ය වඩාත් සාර්ථක කරගැනීමට නම් ඔබගේ අවශ්‍යතාවය අනුව ජ්‍යොතිෂවේදී මහතකුගේ උපදෙස් ලබාගැනීම වඩා සුදුසුය.
ජූනි 26 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 8.50න් පසු සුබයි. පුනාවස නැකත හා අටවිසි මහා යෝග අතර සිද්ධි යෝගය යෙදී ඇත. අද සා, සියාවස, බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්ලිස, දෙට, රේවතී යන නැකැත් හිමියන්ට වගා කටයුතු, වෙළෙඳ ව්‍යාපාර කටයුතු, රථ වාහන සම්බන්ධ කටයුතු, මූල්‍ය කටයුතු, ගිවිසුම් අත්සන් කිරීම, රැකියා භාර ගැනීම්, ආගමික කටයුතු හා කුඩා දරුවන්ගේ සියලු කටයුතු සඳහා සුබ නැකැත් මෙදින සාදා ගත හැකිය. සුබ දිශාව දකුණ වේ.
ජූනි 28 වැනි සෙනසුරාදා පංචාංග ශුද්ධිය සහිත සුබ නැකැත් දිනයකි. අට විසි මහා යෝග චක්‍රය අනුව මානස නම් යෝගය ද හර්ෂ යෝගය ද සුබ කර්ණයන්ද මෙදින යෙදී ඇත. පුෂ, අනුර, උත්‍රපුටුප, අද, සා, සියාවස, රෙහෙණ, හත, සුවණ බෙරණ, පුවපල්, පුවසල, අස්විද, මා, මුල යන නැකැත් හිමියන්ගේ ගොවිතැන්, ශිල්ප ශාස්ත්‍ර, මත්ද්‍රව්‍ය සෑදීම වැනි කටයුතු මෙම දිනය යොදා ගත හැක.
මෙම සතියේ ගොවි නැකැත් යෙදී ඇත්තේ 26 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 8.58 ත් 9.58 ත් අතරත්, 10.58 ත් 11 58 ත් අතරත් හා 29 වන ඉරිදා පෙරවරු 9.10 ත් 9.58 ත්,පස්වරු 1.58 හා 2.58 ත් 3.58 හා 4.58 ත්අතර වේ. 26 වැනි දින මල්, කරල්, ගෙඩි හට ගන්නා බෝග වගා කිරීමට සුදුසුය. සුබ දිශාව උතුර වේ. 29 වැනි දින දිවි කරණය පවතින බැවින් මුල් ප්‍රයෝජනයට ගන්නා බෝග වර්ග සිටුවීමට සුදුසුය. සුබ දිසාව දකුණ වේ.

ජ්‍යොතිර්වේදී,වාස්තුවිද්‍යා උපදේශක,
දේශමාන්‍ය ආචාර්ය – කපිල ඉන්ද්‍රික ගුණදාස.
මාලිබොඩ- දැරණියගල.
076 824 8000