මත්පැන් බොන අතරේ ඇතිවු වචන හුවමාරුවක් දුරදිග යාමෙන් පසු එක් පුද්ගලයෙකු විසින් ඔහුගේ සහෝදරියගේ පුතාට කඩුවකින් පහරදී ඝාතනය කොට ඇතැයි මතුගම පොලිසිය කියයි .
ඊයේ (11දා) දින රාත්‍රී 07 ත් 08 ත් අතර යටදොල ,ඇඹරැල්ලගහවත්ත මාර්ගයේදීවූ මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හෙට්ටි කංකානම්ගේ අයේෂ් චාමික රසාංග පෙරේරා නම්වූ 23 හැවිරිදි අයෙකි .
මෙම පහරදීමෙන් මිය ගිය අයගේ පියා වන හෙට්ටි කංකානම්ගේ චමී පෙරේරා (අවු.51) යන අයද තුවාල ලබා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ .
සිද්ධියවූ දින සවස ඥාති දෙපිරිසම යටදොල ප්‍රදේශයේ හෝටලයක එකට මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇතිවූ බහින් බස්වීමක් ආපසු එමින් සිටියදී ගැටුමක් බවට පත්වී ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරු කළුතර ශික්ෂණ රෝහලට ඇතුලත් කර සිටියදී මිය ගොස් ඇති අතර 39 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි .