තාවකාලිකව වසා දැමුණු මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කර තිබේ .
කටාර් ගුවන් ගුවන් කලාප ඇතුළු වසා දැමුණු අනෙකුත් සියලුම ගුවන් කලාප නැවත විවෘත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
ඉරානය ඊයේ ( 23 ) කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ) මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් මෙලෙස හදිසි තත්ත්වයන් යටතේ වසා දැමිණි .
ඒ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු වූ අතර ශ්‍රී ලංකාවේ සිට මැදපෙරදිග රටවල් දක්වා පියාසර කළ ගුවන් යානා 5ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත හරහා යැවීමට පියවර ගත් බව ද සිවිල් ගුවන්සේවා අධිකාරි ආරංචි මාර්ගද පවසා තිබිණි ,
ප්‍රහාරවලින් අනතුරුව යළිත් සිය ගුවන් අවකාශය විවෘත කළ බව කටාර්හි සිවිල් ගුවන් සේවා අධිකාරියද ප්‍රකාශ කර තිබේ.