මහ නගර සභාවක සහ ප්‍රාදේශීය සභා දෙකක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය අද (16දා) හැකිවිය. ඒ අනුව රත්නපුර මහ නගර සභාවේ බලය සහ ඹුල්ල හා කල්පිටිය යන ප්‍රදේශිය සභා ජාතික ජන බලවේගයට හිමිවුණි.
රත්නපුර මහනගර සභාවේ නගරාධිපති පත්කරගැනීම සඳහා වූ රහස් ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ කේ.ඒ.ඩී.ආර්.අයි. කටුගම්පල මහතා තේරී පත්වූ අතර දඹුල්ල ප්‍රදේශීය සභාවේ සභාපති ලෙස ජාතික ජනබලවේගයේ ඩබ්ලිව්.එම්. තිලකරත්න මහතාද කල්පිටිය ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ අබ්දුල් සත්තාර් මොහොමදු රික්කාස් මහතාද තෙරී පත්වුණි.